දේශීය

PCR පරීක්‍ෂණ වැඩි කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

(UTV |කොළඹ) – කොවිඩ් රෝගීන් හඳුනාගැනීම සඳහා PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඊයේ  (05) පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

රටේ මතුවූ හදිසි තත්ත්වයත් සමඟ එය මර්දනයට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සහ ජනාධිපතිවරයා අතර ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණි.

මෙහිදී අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දෙමින් ජනාධිපතිවරයා පැවසුවේ වහාම PCR පරීක්‍ෂණ ගණන වැඩි කරන ලෙසයි.

Related posts

පාසල් දරුවන්ට ‘e තක්සලාවට’ ප්‍රවේශ වීමට අන්තර්ජාලය නොමිලේ

Mohamed Dilsad

මාලිමාවේ ආසන සංවිධායකවරයෙක් අත්අඩංගුවට

Editor O

මරණ තර්ජන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියේ 4 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment