දේශීය

පවතින තත්ත්වය හදිසි තත්ත්වයක් ලෙස සලකා කටයුතු කරන්න [RELEASE]

(UTV |කොළඹ) – රටේ පවතින තත්වය හදිසි තත්ත්වයක් ලෙස දැනුම් දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කොරෝනා වෛරස තත්ත්වය සමාජය තුළ ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කළ යුතු බවයි.

මේ නිසා මහජනතාව එක්රැස් වන කිසිදු කටයුත්තකට සහභාගි නොවී සිටීම, නිවෙස්වලින් පිටතට පැමිණෙන විට මුඛ ආවරණයක් පැළදීම, එළිමහන් ක්‍රියාකාරකම් හැකිතාක් අවම වන පරිදි ක්‍රියා කිරීම, නිතර අත් සේදීම සහ මුහුණ ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිය යුතු බව ද එහි සඳහන් කර තිබේ.

 

Related posts

මේ වසරේ පළමු මාස 06ට රාජ්‍ය ණය, රුපියල් බිලියන 869කින් වැඩි වෙයි…

Editor O

අය-වැය ට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

Editor O

ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment