ගොසිප්

දිවුලපිටියේ කාන්තාව සමග සේවය කළ සේවිකාවක් මොණරාගලින් හමුවේ

(UTV | ගම්පහ) –  ඊයේ (04) දිනයේ දී දිවුලපිටිය ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිත වූ කාන්තාවගේ ආශ්‍රිතයෙකු මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇති බවට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.

අදාළ සේවිකාව මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇති අතර ඇය මොණරාගල බස්නැවතුම්පොළ, ඉරිදා පොළ, කච්චේරි හන්දිය සහ රජයේ බැංකුවකට ගොස් ඇති බවට හෙළිව ඇති බ ව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ශබ්ද වාහිනී යන්ත්‍ර මගින් ප්‍රදේශයේ ජනතාවට දැනුවත් කිරීමට කටයුතු කළ බව ද සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කරයි.

මෙම සේවිකාවගේ PCR පරීක්ෂණ සඳහා වන ජෛව සාම්පල් පටල ලබා ගෙන තිබෙන බවත් එහි ප්‍රථිපල අද පස්වරුව වන විට ලැබීමට නියමිත බවත් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.

Related posts

අරලියගහ මන්දිරයේ ගී ගයමින් රැය පහන් කරන එජාප ආධාරකරුවන්

Mohamed Dilsad

කොරෝනාවට එරෙහිව එක්සත් ජනපදයෙන් සොයාගත් පළතුර

Mohamed Dilsad

සරත්ලා පියුමි නිසා පාර්ලිමේන්තුවේදී ගැටෙයි

Mohamed Dilsad

Leave a Comment