විදෙස්

ට්‍රම්ප්ව අද රෝහලෙන් මුදා හැරෙන ලකුණු

(UTV | ඇමරිකාව) – කොරෝනා වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද දිනයේදී රෝහලෙන් මුදා හැරෙනු ඇති බව ඔහුගේ වෛද්‍යවරුන් සඳහන්කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ ඔහු ප්‍රතිකාර ලබන රෝහල අසළට රැස්ව සිටි ආධාරකරුවන් වෙත මෝටර් රථයක සිට ආචාර කල බව ද එම වාර්තාවල දැක්වෙයි.

ට්‍රම්ප් හට 02 තුළදී අමතර ඔක්සිජන් සැපයුම් ලබා දී ඇති බව අමෙරිකා වාර්තා ප්‍රකාශ කලා.

මේ අතර ඉන්දියාවේ ද දිනෙන් දින කොවිඩ් ආසාදිතයන්ගේ ගණන වේගයෙන් ඉහළ යමින් තිබෙන අතර , මරණ සංඛ්‍යාව ද ලක්ෂයේ සීමාව පසුකර තිබේ.

ආසාදිතයන්ගේ මළ සිරුරුවලින් වෛරසය ව්‍යාප්ත වනු ඇතැයි බියෙන්, අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගීවීමට අවසර ලබාදී ඇත්තේ සීමිත පිරිසකට පමණි.

ඉන්දියාවේ අගනගරයේ ප්‍රධාන මුස්ලිම් සොහොන් පිටියේ තත්ත්වය ඉතා ව්‍යාකූල අතට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ඔස්ට්‍රේලියාවට එන අනවසර සංක්‍රමණිකයනට ක්‍රෙග් ෆුරිනි අනතුරු අඟවයි…

Mohamed Dilsad

මගී ගුවන් යානයක් මුහුදට ගොඩ බස්වයි

Mohamed Dilsad

කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්‍ෂ 20 ඉක්ම වන බවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment