විදෙස්

කොරෝනා වැළඳුණු ට්‍රම්ප්ව පැය 24 ක් ගතවීමටත් පෙර රෝහල්ගත කරයි

(UTV | ඇමරිකාව) – කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට හඳුනාගැනීමෙන් පසුව අමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රතිකාර සඳහා රෝහල් ගතකිරීමට කටයුතු කර ඇත.

ජනාධිපතිවරයාට වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වී පැය 24 කටත් අඩු කාලයක් තුල වෝල්ටර් රීඞ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගෙනයාමට පියවර ගත් බව ධවල මන්දිර වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල නොවන බවද ධවල මන්දිරය සඳහන් කර තිබේ.

කෙසේ වුවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ජනාධිපති ට්‍රම්ප් මුඛ ආවරණයක් පැළද ධවල මන්දිරයේ සිට “මැරීන් වන්” හෙලිකොප්ටරය වෙත ඇවිද ගෙන යන අයුරු සහ ඈතින් රැස්ව සිටි මාධ්‍යවේදීන් වෙත හස්ත සංඥාවෙන් තමන් හොදින් බවට දැක්වෙන සංඥාවක් සිදුකළ අයුරු දක්නට ලැබුණා.

ඇමරිකානු ජනාධිපතිවරණයට මාසයක් වැනි කෙටි කාලයක් ඉතිරිව තිබියදී ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙම වෛරසයට ගොදුවරුවීම විශේෂත්වයක්.

මේ අතර ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි තහවුරුවීමත් සමග ඔහුගේ ප්‍රතිවාදියා වන ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඞ්න් මහතාද කොවිඞ් පරීක්ෂණයකට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ මීට දින කිහිපයකට පෙර ඔවුන් දෙදෙනා මුහුණට මුහුණ විවාදයකට සහභාගී වී තිබීම හේතුවෙන්.

 

 

 

 

 

 

Related posts

ට්‍රම්ප්ට එරෙහිව අත්සන් මිලියනයක්

Mohamed Dilsad

කොටුවී සිටින විරෝධතාකරුවන්ව මුදාහරින ලෙසට මියන්මාර හමුදා පාලකයන්ට දන්වයි

Mohamed Dilsad

ඩකා නුවර ගින්නකින් 60කට ආසන්න පිරිසක් මරුට

Mohamed Dilsad

Leave a Comment