දේශීය

ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාව මැදපෙරදිග මුහුදු කලාපයට

(UTV | කොළඹ) –  නිව් ඩයමන්ඩ් නෞකාව ඉන්දියාව දෙසට ඇදගෙන යාම සිදුකරන බවට තොරතුරු වාර්තා වුවද එය මේ වනවිට රැගෙන යමින් ඇත්තේ මැදපෙරදිග මුහුදු කලාපයට බවට වාර්තා වෙයි.

නෞකාවේ පවතින ඉන්ධන වෙනත් නෞකාවකට මාරු කිරීමේ අරමුණින් නැව පැමිණි මාර්ගය ඔස්සේ මෙලෙස යළි රැගෙන යමින් පවතියි.

ශ්‍රී ලංකා මුහුදු සීමාව පසුකර ජාත්‍යන්තර මුහුදු සීමාවට යාමට තවත් දින 4 ක් පමණ ගත වනු ඇති බවට වාර්තා වෙයි.

නෞකාව මේ වනවිට මැදපෙරදිග දෙසට ඇදගෙන යාම සිදුකරන අතර, ඊට නාවික හමුදාවට අයත් සමුදුර සහ සයුර යන නෞකා දෙක ද සම්බන්ධ වී ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.

 

Related posts

කොවිඩ් ප්‍රතිකාර සඳහා ආයුර්වේද සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට විශේෂ පුහුණුවක්

Mohamed Dilsad

වැලිගම සභාපති ධූරයට සජබයෙන් රසික ප්‍රියංකර මහතාගේ නම යෝජනා කරයි

Editor O

නව ජනාධිපති කාර්ය සාධක බලකා 2ක්

Mohamed Dilsad

Leave a Comment