දේශීය

හෙට දිවයින පුරා සියලු සුරාසැල් වසා දැමේ

(UTV | කොළඹ) – හෙට (03) දිනට යෙදන ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන සියලුම මත්පැන් සිල්ලරට විකිණීමේ සුරාබදු වෙළද බලපත්‍ර වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්තුමා විසින් නියෝග කර ඇත.

තවද, මෙදින සුරාබදු බලපත්‍ර කොන්දේසි කඩ කරනු ලබන සුරාබදු බලපත්‍රධාරීන්ට එරෙහිව නීත්‍යනුකූල පියවර ගැනීමට දිවයින පුරා පිහිටි සියලුම සුරාබදු ස්ථානවලට උපදෙස් ලබා දී තිබේ.

තවද, මෙම කාල සීමාව තුලදී සමස්ත දිවයිනම ආවරනය වන පරිද්දෙන් නීති විරෝධී මත්පැන් හා නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම වැලැක්වීම සඳහා ද නීතිය උල්ලංඝනය කරන්නන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ද සියලු සුරාබදු නිලධාරීන්හට උපදෙස් ලබා දී ඇත.

.

Related posts

කොරෝනා ආසාදිත වූ නාවික සෙබලුන්ගේ පවුල් සාමාජිකයනුත් නිරෝධායනයට

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පැවැත්වෙන කාල වකවානු සංශෝධනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

විදුලි ගාස්තු ඉහළ නොදමන ලෙස, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම්දෙයි

Editor O

Leave a Comment