දේශීය

නිවෙස් වල ඇති විද්‍යුත් අපද්‍රව්‍ය ලබන සතියේ එකතු කෙරේ

(UTV |කොළඹ) – මේ මස 05 වනදා සිට 10 වනදා දක්වා කාලය තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි විද්‍යුත් අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

ඒ ජාතික විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණ සතියට සමගාමීවය.

මේ නිසා නිවෙස්වල ඇති විද්‍යුත් අපද්‍රව්‍ය එම දින පහ තුළ පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා කාලය තුලදී දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල වෙත ගෙනවිත් භාරදීමට මහජනතාවට අවස්ථාව පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

ඒ අනුව, රූපවාහිනි, විදුලි පංකා, ජංගම දුරකථන, පරිගණක හා බැටරි ඇතුළු විද්‍යුත් අපද්‍රව්‍ය දිවයින පුරා තැපැල් කාර්යාල 653 කට භාර දිය හැක.

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

සමගි ජන සන්ධානය අගෝස්තු මුල් සතියේ කරළියට

Editor O

බටලන්ද ගැන, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ විශේෂ ප්‍රකාශය මෙන්න

Editor O

Leave a Comment