දේශීය

ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදයි

(UTV |කොළඹ) – ලෝක ළමා දිනය අදට (01) යෙදී තිබේ.

මෙවර එහි තේමාව වී ඇත්තේ “අප රට අපේ දෑතින්” යන්නයි.

ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ දරුවන්ගේ කායික සහ මානසික පෝෂණය මෙන්ම යහ පැවැත්ම තහවුරු කිරීම ප්‍රමුඛ කාලීන අවශ්‍යතාවයක් වී ඇති බවයි.

භෞතික සහ මානසික දරිද්‍රතාව දුරුකර පුරවැසියන් වාසය කරන රටක් ගොඩනැගීම තමාගේ ඒකායන අපේක්ෂාව බවද ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කර ඇති අතර, එහි සඳහන් වන්නේ දරුවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් අවශ්‍ය සදාචාරමය සහ නෛතික පසුබිම සැකසීමට රජයක් ලෙස නිරන්තයෙන් කැප වී සිටින බවයි.

මෙවර ළමා දින ජාතික උත්සවය හෙට (02) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්විමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ අතර ලෝක වැඩිහිටි දිනය ද අදට යෙදී තිබේ.

Related posts

චීනයට නිධානයක් පහළ වෙයි.

Editor O

පොසොන් පෝයට දන්සල් 4,600ක් සහ පොසොන් තොරණ 296ක් රට පුරා.

Editor O

පුහු ටෙලි නාට්‍ය වෙනුවට, ඇත්ත විධායක කමිටු ක්‍රමයකට යමු

Mohamed Dilsad

Leave a Comment