දේශීය

20ට එරෙහි පෙත්සම් විභාගය අද දෙවන් දිනටත්

(UTV |කොළඹ) – 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වී ඇති පෙත්සම් විභාගය අද(30) දෙවන දිනටත් ආරම්භ කෙරේ.

අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මීට සුළු වෙලාවකට පෙර පෙත්සම් විභාගය අද(30) දෙවන දිනටත් ආරම්භ කෙරුණි.

කෙටුම්පතට එරෙහිව පෙත්සම් 39ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.

ඒ මැතිවරණ කොමිසන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්, සමගි ජනබලවේගය, එක්සත් ජාතික පක්ෂය ඇතුලු විවිධ දේශපාලනඥයින්, නීතීඥවරුන්, වෘත්තියවේදීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුලු පාර්ශව කිහිපයකිනි.

ඊයේ  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි නීතිපති දප්පුල ද ලිවේරා කියා සිටියේ මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කෙටුම්පතට නව සංශෝධන කිහිපයක් එක් කිරීමට රජය තීරණය කර ඇති බවයි.

ඒවා පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී සිදුකිරීමට නියමිත බව ද නීතිපතිවරයා සඳහන් කළේය.

Related posts

අලුත් අවුරුද්දට ගමේ යන්න, බස් සහ දුම්රිය අමතර ගමන් වාර

Editor O

නිරෝධායන නීති කැඩූ 34ක් අත්අඩංගුවට

Mohamed Dilsad

විශ්‍රාමිකයන්ගේ දැවැන්ත විරෝධතාවයක්

Mohamed Dilsad

Leave a Comment