දේශීය

රාජ්‍ය සේවකයින්ට වැදගත් නිවේදනයක් [RELEASE]

(UTV | කොළඹ) – රාජ්‍ය භාෂා ප්‍රවීණතාව සම්පූර්ණ කිරීම සඳහා ලිඛිත හා වාචික පරීක්ෂණ වෙනුවට නිශ්චිත පැය ගණනක පාඨමාලා සම්පූර්ණ කර එම අවශ්‍යතාව සපුරා ගැනීමට හැකිවන පරිදි නව විධිවිධාන සකසා ඊට අදාළ ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණ ඇති බව රාජ්‍ය සේවා අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේය.

රාජ්‍ය භාෂා ප්‍රවීණතාව සම්පූර්ණකර ගැනීම සඳහා දැනට පවතින ක්‍රමවේදය වෙනස් කළ යුතු බවට විවිධ පාර්ශව වෙතින් ඉදිරිපත් වූ නියෝජනයන් සැලකිල්ලට ගනිමින් මෙම නව විධිවිධාන සකසා තිබෙන බව ඔහු නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත.

ඊට අදාළ යෝජනා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බවත් , අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු පසු තමන්ගේ වැටුප් වර්ධක නතර වූ රාජ්‍ය සේවකයින්ට එම වැටුප් වර්ධක ලබා ගැනීමට තිබූ බාධාව එයින් ඉවත්වන බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

 

Related posts

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 22 ක ආධාර

Mohamed Dilsad

මහපොළ ශිෂ්‍යත්ව මුදල වැඩි කිරීමට පියවර

Mohamed Dilsad

බොරතෙල් මිල අඩුවෙලා.. මෙහේ මිල අඩු කළේ නෑ.. ඒ සල්ලි යන්නෙ කාගෙ සාක්කුවටද..? – මරික්කාර්

Editor O

Leave a Comment