ගොසිප්

ඔබේත් කටේ දත් අඩුද?

(UTV |කොළඹ) – මුඛයේ ඇති දත් ගැලවී ඇත්නම් ඔවුන්ට නොමිලේ දත් සවි කරදීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ මෙරට වයස අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයන්ගෙන් සියයට 20ට වැඩි ප්‍රමාණයකගේ මුඛයේ එක් දතක් හෝ නොමැති බවයි.

මේ වනවිට දත් දැමීමේ වැඩපිළිවෙළක් රජයේ රෝහල් සතුව නොමැති නිසා දත් නොමැති පුද්ගලයන්ට පෞද්ගලික අංශයෙන් දත් දමා ගැනීමට විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබේ.

මේ නිසා නොමිලේ දත් දැමීමේ යෝජනාව ඉදිරිපත් කළ බව රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ සඳහන් කරයි.

සාමාන්‍ය පුද්ගලයකුගේ ස්ථිර දත් ඔහු මියයන තෙක්ම නිරෝගීව පැවතිය යුතු වුවද එවැනි තත්ත්වයක් අපගේ ජනතාව තුළ නොමැත්තේ ඔවුන් දත් නිසි පරිදි රැකබලා නොගන්නා බැවින් යැයිද හෙතෙම පැවසුවේය.

Related posts

පාඨලී ජනපති ගෝඨාභයට කල වැඩක්

Mohamed Dilsad

මැතිවරණයට දිනයක් ගැසට් කිරීමට සුදානම්

Mohamed Dilsad

සාරි ගලවන්න හදන ස්ටාලිං

Mohamed Dilsad

Leave a Comment