දේශීයප්‍රමුඛ පුවත 2

වැඩි මිලට පොල් අලෙවි කරන වෙළෙඳුන් අදත් සොයයි

(UTV |කොළඹ) –  පාරිභෝගිකයින්ට උපරිම මිල ඉක්මවා පොල් අලෙවි කරන වෙළඳ සැල් සොයා අද(29)ත් දිවයින පුරා වැටලීම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පවසයි.

පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව උපරිම සිල්ලර මිලක් නියම කරමින් එම අධිකාරිය පසුගියදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේය.

ඒ අනුව වටප්‍රමාණය අගල් 13 ට වැඩි පොල් ගෙඩියක උපරිම මිල රුපියල්  70 ක් ලෙසත්, වටප්‍රමාණය අගල් 12 ත් 13 ත් අතර පොල් ගෙඩියක උපරිම මිල රුපියල් 65 ක් ලෙසත්, වටප්‍රමාණය අගල් 12 ට අඩු පොල් ගෙඩියක උපරිම මිල රුපියල් 60 ක් වේ.

Related posts

කොවිඩ් මරණ ගණන 552 දක්වා ඉහළට

Mohamed Dilsad

ආණ්ඩුව සවන් නොදෙන්නේනම් ඉතිහාසයේ දැවැන්තම වැඩවර්ජනය ඇරඹීමට ලංවීම සූදානම්…!

Editor O

මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයින් 54ක් අත්අඩංගුවට

Editor O

Leave a Comment