දේශීය

රජයට ලැබුණු පැසසුම

(UTV |කොළඹ) –  යුනිසෙෆ් සංවිධානය ලංකා රජයට ප්‍රසාදය පළ කර තිබේ.

ඒ ළමයින් සඳහා සාධාරණත්වය සහ යුක්තිය සහතික කිරීම සඳහා නීති වෙනස් කිරීමට මුල පිරීම සම්බන්ධයෙනි.

මෙරට ශ්‍රමික වයස අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ නැංවීම සහ කිසිදු ළමයෙකු බන්ධනාගාර පද්ධතියට ඇතුළත් නොකරන බවට රජය පසුගියදා ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය.

ඒ සම්බන්ධයෙනුයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ලක් රජයට මෙලෙස ප්‍රසාදය පළ කර ඇත.

ළමා ප්‍රචන්ඩත්වය, අපයෝජනය, ළමා ශ්‍රමය සූරාකෑම වැළැක්වීම සහ ඒවාට ප්‍රතිචාර දැක්විය හැකි පුළුල් ජාතික ළමාරක්ෂණ පද්ධතියක් ගොඩනැගීමට සිය අධිකරණ පද්ධති සන්නද්ධ කිරීම සඳහා යුනිසෙෆ් සංවිධානය ශ්‍රී ලංකා රජයට සහය දක්වන බව ද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.

Related posts

මිනිස්සු බඩගින්නේ මැරෙනවා – දේශපාලනඥයෝ ඇනකොටා ගන්නවා

Mohamed Dilsad

අදත් ගම්මාන කිහිපයක් හුදකලා කෙරේ

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ රැසක හදිසි විදුලි බිඳ වැටීමක්

Mohamed Dilsad

Leave a Comment