දේශීය

ශ්‍රී ලංකාවේ – ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරු අතර සාකච්ඡාවක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරුන් අතර ද්විපාර්ශවීය සමුළුවක් විඩියෝ තාක්ෂණය ඔස්සේ එළැඹෙන 26 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන බහුවිධ ද්විපාර්ශවීය සබඳතා සමාලෝචනය කිරීමට දෙරටේ අග්‍රාමාත්‍යවරු එකඟතාවක් ඇති කරගත්හ.

ඒ අනුව විඩියෝ තාක්ෂණය ඔස්සේ අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා අතරේ මෙම සමුළුව පැවැත්වේ .

දෙරටේ අදාළ විෂයභාර අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම සමුළුවට එක්වීමට නියමිත ය.

පසුගිය මාසයේ දී අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විදේශීය නායකයකු සමඟ විඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන පළමු සමුළුව මෙය වේ.

Related posts

උත්සව සමයේ කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යන ලකුණු

Mohamed Dilsad

ලියාපදිංචි වීමට පැමිණීම අනවශ්‍ය බව පොලීසිය පවසයි

Mohamed Dilsad

බස්නාහිර නිරෝධායන කටයුතු පරීක්ෂාවට පොලිස් කණ්ඩායම් 14ක්

Mohamed Dilsad

Leave a Comment