දේශීය

උත්සව සමයේ කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යන ලකුණු

එළැඹෙන උත්සව සමයේ කුකුළු මස් සහ බිත්තර මිල ඉහළ යාම වැළැක්විය නොහැකි බව සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි.

 

ඔහු සඳහන් කළේ, ඉල්ලුම සරිලන සැපයුම ලබාදීමේ අපහසුතා මත කුකුළු මස් කිලෝවක් රුපියල් 1,200 සිට රුපියල් 1,400 දක්වා මිල ඉහළ යාමක් සිදුවිය හැකි බවය.

 

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අජිත් ගුණසේකර මහතා මේ බව සඳහන් කළේය.

 

“වෙළෙඳ ජාලය සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා තියෙන්නේ. මේවා නරක් වෙන නිෂ්පාදන. ශක්තිමත් වෙළෙඳ ජාලයක් තිබුණේ නැති වුණාම මිල උච්චාවචනය වීම අපිට නවත්වන්න බෑ. අවුරුදු සමයේ දිගු නිවාඩුවක් ලැබෙනවා. ඊළඟට උත්සව සමයත් එනවා එතකොට ඉල්ලුම වැඩිවෙනවා. අපිට ප්‍රශ්නයක් තියෙනවා ඉල්ලුමට සැපයුම කරන්න පුළුවන් ද කියලා. එතකොට ඉල්ලුම සැපයුම අනුව තමා මිල තීරණය වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා කුකුළු මස් කිලෝවක් රු 1,200ක් – රු 1,400ක් අතර දෝලනය වෙයි කියලා.”

Related posts

මහ බැංකුව නිත්‍ය තැන්පතු සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතික ඉහළ දමයි

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් තිබුණේ නැහැ – මහින්ද රාජපක්ෂ

Editor O

පොහොට්ටුවේ 12ක් විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය

Mohamed Dilsad

Leave a Comment