විදෙස්

කාබුල් අගනුවරදී නේටෝ රථ පෙළකට බෝම්බ ප්‍රහාරයක්

(උදයම්,ඇෆ්ගනිස්ථානය)  – ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර නේටෝ සංවිධානයේ රථ පෙළකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අටදෙනකුවත් මරුමුවට පත් වූ බව බලධාරීහු පවසති.

ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාම සාමාන්‍ය වැසියන් බව ඇෆ්ඝනිස්තාන ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඇමෙරිකානු සොල්දාදුවන් තිදෙනකු ඇතුළු තවත් 25 දෙනකුට පමණ තුවාල සිදු විය.

බදාදා උදෑසන අගනුවර කාර්ය බහුලම අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ල වූයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයේදී බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කරනවා.

Related posts

දකුණු කොරියාවේදී ලාංකික තරුණයෙකුත් ජීවිතක්ෂයට [UPDATE]

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපති මිය යයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා සංචාරය ගැන මෝදිගෙන් පණිවිඩයක්

Editor O

Leave a Comment