ගොසිප්

මාලිංග තරග දිනවන්නෙක් – මුම්බායි නායක ශර්මා

(UTV | ඉන්දියාව) – ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ වේග පන්දු යවන ලසිත් මාලිංගගේ ස්ථානයට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීම අතිශය දුෂ්කර කටයුත්තක් බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිට් ෂර්මා පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පලකළ රෝහිට් ෂර්මා,

“ඔහුගේ ස්ථානය පුරවන එක පහසු නැහැ. ඔහු තරග දිනවන්නෙක් මුම්බායට. මම ඒක ගොඩක් සැරයක් කියලා තියෙනවා. අපි යම් කරදරයක පැටලී සිටි අවස්ථාවලදී මාලිංග තමයි අපිව ඉන් ගලවගත්තේ. අපිට ඉන්නවා ජේම්ස් පැටින්සන්, ධවල් කුල්කානි, මොහ්සින් ඛාන්. ඔවුන්ව තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මාලිංග වෙනුවට ආදේශ කරන්න. නමුත් පැහැදිලිවම, මාලිංග මුම්බාය වෙනුවෙන් කළ දේ සසඳන්න බැහැ.”

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අදින් ඇරඹි IPL තරගාවලියට ලසිත් මාලිංග සිය පෞද්ගලික හේතුවක් මත සහභාගී නොවී සිටීමට තීරණය කරනු ලැබීය.

Related posts

වගා ළිඳක සිරවී ජීවිතය යදින පුංචි සුජිත් [VIDEO]

Mohamed Dilsad

රන්ජන්ට මන්ත්‍රීකම පුදා හරීන් ඉල්ලා අස්වෙන්න සූදානම් වෙයි

Mohamed Dilsad

බන්ධනාගාර රැදවියන් අතරත් කොරෝනා භියක්

Mohamed Dilsad

Leave a Comment