ගොසිප්

බස් වර්ජනයකට සැරසෙයි

(UTV |කොළඹ) –  කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බස් රියදුරන් ලබන සඳුදා (21 ) ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඒ බස් ප්‍රමුඛතා මංතීරුවට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ එක්කිරීමට විරෝධය දක්වමිනි.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ මෙලෙස බස්රථ ධාවනයෙන් ඉවත්වීම පොදු තීරණයක් නොවන බවයි.

නමුත් මෙම මංතීරු නීතිය නිසා බස් සේවකයන් මෙන්ම මගීන්ද මෙහිදී එකසේ අපහසුතාවයට ලක්වන බවට ජනතාවද චෝදනා කරති.

විශේෂයෙන් කඩුවෙල – කොල්ලුපිටිය බස් මාර්ගයේ සහ ගාලු පාරේ ඇතැම් ස්ථානවල කිලෝමීටර් භාගයක් ධාවනය කිරීමට බස් රථවලට පැයක කාලයක් ගතවී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් මගීන් බස්වලින් බැස පයින් ගමන් කරන බවටත් පැමිණිලි ලැබෙන බවද ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

Related posts

රෝගය පාලනයට අඛණ්ඩව මාසයක් ඇදිරි නීතිය දාන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

සති අන්තයේ ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

රජුන් තනන්නාගේ උපන් දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment