ගොසිප්

බස් වර්ජනයකට සැරසෙයි

(UTV |කොළඹ) –  කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බස් රියදුරන් ලබන සඳුදා (21 ) ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඒ බස් ප්‍රමුඛතා මංතීරුවට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ එක්කිරීමට විරෝධය දක්වමිනි.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ මෙලෙස බස්රථ ධාවනයෙන් ඉවත්වීම පොදු තීරණයක් නොවන බවයි.

නමුත් මෙම මංතීරු නීතිය නිසා බස් සේවකයන් මෙන්ම මගීන්ද මෙහිදී එකසේ අපහසුතාවයට ලක්වන බවට ජනතාවද චෝදනා කරති.

විශේෂයෙන් කඩුවෙල – කොල්ලුපිටිය බස් මාර්ගයේ සහ ගාලු පාරේ ඇතැම් ස්ථානවල කිලෝමීටර් භාගයක් ධාවනය කිරීමට බස් රථවලට පැයක කාලයක් ගතවී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් මගීන් බස්වලින් බැස පයින් ගමන් කරන බවටත් පැමිණිලි ලැබෙන බවද ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

Related posts

ගල්කිස්සේ කොරෝනා ආසාදිතයා පොත් ප්‍රදර්ශනයටත් ඇවිත්

Mohamed Dilsad

පෝර්ට් සිටිය නැරඹීමට නම් චීන තානාපතිගේ අවසරය ගත යුතුයි

Mohamed Dilsad

නවීන් දිසානායක සිරිකොතෙන් පිටවෙයි

Mohamed Dilsad

Leave a Comment