දේශීය

අන්තර්ජාලය ඔස්සේ කල පක්‍ෂි ජාවාරමක්

(UTV |කොළඹ) – අන්තර්ජාලය ඔස්සේ පක්ෂීන් අල්ලා විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අන්තර්ජාලය ඔස්සේ ඉතා සූක්ෂම ලෙස පක්ෂීන් අල්ලා විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු මාතලේ වනජීවි ඒකකයේ හදිසි වැටලීම් කණ්ඩායමක් මගින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී ඔහු සන්තකයේ තිබී වනාන්තරවලින් අල්ලා ගත් අළු ගිරවුන් 06 දෙනෙකු සහ එම පැටවුන් 06 දෙනෙකු, සැලලිහිණියෙකු සහ එම පැටවුන් 06 දෙනෙකු මෙන්ම ලබු ගිරව් පැටවුන් 06 දෙනෙකුද සොයාගත් බව මාතලේ වනජීවි කාර්යාලය පවසයි.

වනාන්තරවලින් අල්ලා ගන්නා කුරුල්ලන් මෙම පුද්ගලයා විසින් ඉමෝ තාක්ෂණය ඔස්සේ විවිධ පුද්ගලයින්ට අලෙවි කිරීම කාලයක් තිස්සේ සිදුකර ඇති බව කරුණු අනාවරණය වී තිබේ.

Related posts

අප්‍රේල් වැටුප ගෙවන්නේ මෙහෙමයි

Mohamed Dilsad

මහ බැංකුවෙන් සියලුම බැංකුවලට දැනුම්දීමක්

Mohamed Dilsad

දිවයින පුරා පොලිස් මාර්ග බාධක 900 දක්වා ඉහළ දමයි

Mohamed Dilsad

Leave a Comment