දේශීය

කොරෝනා මර්ධනයට දායක වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරුපැදි

(UTV | කොළඹ) – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් විශේෂ ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රතිපාදනවලින් යතුරුපැදි ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් විශේෂ ව්‍යාපෘතියේ සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කරයි.

කොරෝනා වසංගතය දැඩිව ව්‍යාප්ත වී තිබූ අවධියක ඔවුන් විශිෂ්ට කාර්යභාරයක් ඉටුකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

යතුරු පැදි 807 ක් එදින බෙදාදීමට නියමිත අතර ඒ සියලු යතුරුපැදි හිමිවන නිලධාරීන් නියෝජනය කරමින් කැඳවන කණ්ඩායමකට යතුරු පැදි ප්‍රදානය කිරීම නිල වශයෙන් සිදු කරනු ඇත.

2020.09.18, සිකුරාදා පෙරවරු 10.30 ට කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී, ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ අතින් යතුරු පැදි ප්‍රදානය කරන අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ අමාත්‍යාංශ නිලධාරීන්ද එක්වීමට නියමිතය.

Related posts

ගතවූ මාසයේ කොවිඩ්-19 රෝගීන් ප්‍රජාව තුලින් වාර්තා නොවීම සතුටට කාරණයක්

Mohamed Dilsad

ජපුර සිසුවෙකු අනතුරට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ

Mohamed Dilsad

ප්‍රවාහන සේවා කළමනාකරණ කාර්ය සාධක බලකායක් පත්කරයි

Mohamed Dilsad

Leave a Comment