දේශීය

අභියාචනා සලකා බැලීමෙන් අනතුරුව තවත් 10,000 ක් රාජ්‍ය සේවයට

(UTV | කොළඹ) – රාජ්‍ය සේවයේ තනතුරු සඳහා අභ්‍යාසලාභී උපාධිධාරීන් බඳවා ගැනීමේදී පත්වීම් නොලැබුණු පුද්ගලයින් යොමු කළ අභියාචනා සලකා බැලීම අද (16) සිට ආරම්භ කරන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

අභියාචනා භාර ගැනීම ඊයේ (15) දිනයෙන් අවසන් විය.

එහි ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා සඳහන් කළේ විශේෂ කමිටුවක් හරහා එය සිදු කෙරෙන බවයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට භාරදී ඇති අභියාචනා අමාත්‍යාංශය වෙත යොමු කරන්නැයි උපදෙස් දුන් බවත් , සති දෙකක් තුළ එම අභියාචනා සලකා බැලීම අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත් ලේකම්වරයා ප්‍රකාශ කළේය.

අභියාචනා සලකා බැලීමෙන් අනතුරුව තවත් 10,000 ක් රාජ්‍ය සේවයේ තනතුරුවල පුහුණුවට බඳවා ගන්නා බව ද රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරයි.

 

Related posts

ආසාදිතයන් 8000 ක් නිවෙස්වල නිරෝධායනයට

Mohamed Dilsad

මැතිවරණ කොමිසමේ තවත් රැස්වීමක්

Mohamed Dilsad

ගුවන් අනතුරකින් පහක් මිය යයි

Editor O

Leave a Comment