ව්‍යාපාරික

ජංගම දුරකථන ග්‍රාහකයන් 3,28,84009 ක්

(UTV | කොළඹ) – 2019 වර්ෂය වනවිට මෙරට ග්‍රාහකයන් සතුව ජංගම දුරකථන තුන්කෝටි විසිඅට ලක්‍ෂ අසූහතරදාස් නවයක් තිබෙන බව පසුගිය වර්ෂය සඳහා නිකුත් කළ මහ බැංකු වාර්තාවේ සඳහන් කර තිබේ.

ඒ අනුව පුද්ගලයන් 100 දෙනෙකු ගත් විට ඔවුන් සතුව ජංගම දුරකථන 161 ක් පමණ තිබෙන බව අදාළ වාර්තාවෙහි සඳහන්.

මීට අමතරව 2019 වර්ෂය වනවිට ග්‍රාහකයන් එක්කෝටි තිස්හතර ලක්‍ෂ අටදාස් හාරසියය තුනක් ජංගම දුරකථනද ඇතුළුව අන්තර්ජාල සේවාවන් භාවිත කරන බවද මහ බැංකු වාර්තාවේ සඳහන් කර ඇත.

මෙම සියලු දත්ත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් සහ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇත.

Related posts

පැල්වත්ත කිරිපිටි නිෂ්පාදනයේදී ඉහළම සෞඛ්‍ය සහ පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග සහතික කෙරේ

Mohamed Dilsad

වනමේයි ඉස්සන් වගාව ආරම්භ කිරීමට අවධානය

Mohamed Dilsad

දඹුල්ලේ එළවළු කිලෝ ලක්ෂ 27 ක් ගොඩ ගැසෙයි

Mohamed Dilsad

Leave a Comment