ප්‍රමුඛ පුවත 1

සජින් වාස්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

(උදයම්,කොළඹ)  – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට අධිකරණය නියම කරයි.
අද(03) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය එම නියෝගය ලබා දුන්නාය.
මිහින් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කල සමයේ රජයට රුපියල් මිලියන 883ක අලාභයක් සිදුකර ඇති බවට සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
2007-2008 කාලය තුළ ටෙන්ඩර් කැඳවීමකින් තොරව සිංගප්පූරුවේ පෞද්ගලික සමාගමක් සමඟ ගිවිසුම් අත්සන් කර මිහින් ලංකා සමාගමට උපකරණ මිලදී ගැනීමෙන් රජයට පාඩු සිදුකර ඇති බවට අල්ලස් කොමිසම මඟින් එම නඩුව පවරා ඇත.

Related posts

රට පුරා අඳින සිතුවම් ජනපතිගේ පැසසුමට

Mohamed Dilsad

කැබ් රියක් දුම්රියක ගැටෙයි

Mohamed Dilsad

අයවැය කාරකසභා විවාදයේ පස්වන දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment