දේශීය

නිරෝධායනය වෙමින් සිටි තවත් පුද්ගලයන් 5දෙනෙකු කොරෝනා

(UTV |ගාල්ල) – නිරෝධායනය වෙමින් සිටි තවත් පුද්ගලයන් 5දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට අද (11) තහවුරු කර ගෙන තිබේ.

ඒ මාලදිවයිනේ සිට පැමිණ හබරාදුව කොග්ගල සංචාරක හෝටලයක නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පවසයි.

මොවුන් කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී ඇත්තේ පෞද්ගලික රෝහලක කරන ලද PCR පරීක්ෂණ වලදීය.

එම සියලු දෙනාම ඉදිරි වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහලට යොමු කරන බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සිරිවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ඇමෙරිකාව සමග සාකච්ඡා කිරීමට යුක්‍රේන ජනාධිපති එකඟවෙයි

Editor O

බිළිදියක ඝාතනය කළ කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

Mohamed Dilsad

Leave a Comment