දේශීය

මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු STF අත්අඩංගුවට

(UTV | කොළඹ) – සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වන රණවකගේ ධම්මික නුවන් රණවක හෙවත් වැලිහිඳ කලූ, වැලිගම – දෙණිපිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (10) එම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදියි මෙම සැකකරු හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 960 ක් සමඟ අත්අඩංගුවට ගනු ලැබීය.

35 හැවිරිදි සැකකරු දෙණිපිටිය – ඌරුවිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු, මාකදුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවට එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ අයෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

Related posts

ගුවන් මගීන්ට ලබාදෙන වතුර කෝප්ප මිලදී ගැනීම අත්හිටුවයි

Mohamed Dilsad

වෙසක් පෝය අදයි

Editor O

ස්විස්ටර්ලන්තයෙන් ශ්‍රි ලංකාවට ඩොලර් ලක්ෂ 40 ක වෛද්‍යාධාර

Mohamed Dilsad

Leave a Comment