දේශීය

තද වැසි සමග ප්‍රදේශ කීපයකට තද සුළං

(UTV | කොළඹ) – අද (08) දිනයේදි බස්නාහිර , සබරගමුව , මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඌව පළාතෙත් , අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද පස්වරු 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 50ක පමණ සුළං ඇතිවිය හැකි බවයි.

Related posts

කොරෝනා නව ප්‍රභේදය ආසාදිතයාගේ ආශ්‍රිතයින් කිසිවෙකුත් නැහැ

Mohamed Dilsad

අද හමුවූ ආසාදිතයන් දෙදෙනාම නිරෝධායන මධ්‍යස්ථානවලින්

Mohamed Dilsad

2021 (2022) උ.පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

Mohamed Dilsad

Leave a Comment