දේශීය

අශෝභන ලෙස හැසිරී අත්අඩංගුවට පත් සිසුන් මුදා හරී

(UTV |අනුරාධපුරය) – අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ ස්ථානවල අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී පොලිස් භාරයට ගත් සිසු සිසුවියන් 100 දෙනා තරයේ අවවාද කොට මුදා හැර තිබේ.

ඔවුන්ගේ දෙමව්පියන්ද කැඳවා ඔවුන් ඉදිරියේ මෙලෙස අවවාධ කර ඇත.

මෙම සියලු දෙනා අද උදෑසන උපකාරක පන්තිවලට යන බව පවසා නිවෙස්වලින් පැමිණ තිබුණි.

පොලිස් භාරයට ගත් මෙම සිසු සිසුවියන් අනුරාධපුර නගරයේ වැව් බැම්ම, නව බස් නැවතුම්පොළ සහ දුම්රිය මාර්ගය අසළ රැදී සිටියදී පොලිස් භාරයට ගෙන ඇත .

මෙහි සිටි ඇතැම් සිසුන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් බවට ද අනාවරණ වී තිබේ.

Related posts

සද්ධාරතන හිමිට ඇප

Mohamed Dilsad

ලාංකිකයින් 61ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

අය-වැයට ඡන්ද ගන්න කොළඹ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීන්ට, මාලිමාවෙන් බුරියානි සංග්‍රහයක්…!

Editor O

Leave a Comment