දේශීය

රවීගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන්න අභියාචනාධිකරණය දින ලබාදෙයි

(UTV | කොළඹ) – හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු සම්බන්ධව ඉදිරි පියවර ගැනිම වළක්වා අභියාචනාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය එරෙහිව විරෝධතා ගොනු කිරිම සඳහා නීතිපතිවරයාට ලබන 14 වනදින දක්වා කල්ලබා දුන්නේය.   

රවී ඇතුළු මෙම පිරිස බැඳුම්කර වෙන්දේසියෙන් රුපියල් බිලියන 51.98 ක රජයේ මුදල් සාවද්‍ය  හා සාපරාධි ලෙස පරිහරණය කිරීමේ චෝදනාව යටතේ පවරා ඇති නඩුවේ විත්තකරුවන්  

මෙම අතුරු තහනමට විරෝධතා ගොනු කිරිම අද දිනයේ සිදු කිරිමට නියමිතව තිබුණි. 

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක කරුණු දක්වමින් අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේ විරෝධතා ගොනු කිරීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසයි.

Related posts

පාසල්වල 6-9 දක්වා ශ්‍රේණි හෙට සිට ඇරඹේ

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කල පිරිස තවත් ඉහළට

Mohamed Dilsad

මෙන්ඩිස් සමාගමේ පෙත්සම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි.

Editor O

Leave a Comment