දේශීය

නීති විරෝධීව මෙරටට එවූ කහ තොගයක් යුධ හමුදා භාරයට

(UTV |මන්නාරම) – කහ කිලෝග්‍රෑම් 700ක් මන්නාරමේ තන්නිතාලු ප්‍රදේශයේ තිබී යුද හමුදා බාරයට ගෙන තිබේ.

ඒවා ඉන්දියාවේ සිට පැමිණි බෝට්ටුවලින්, මුහුදේ පා කර එවා ඇති බව යුධ හමුදාව පවසයි.

යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මේවා සොයා ගැනුණි.

පසුගිය සමයේ කහ කුඩු මිල සීඝ්‍ර ලෙස ඉහළ ගිය අතර මේ හේතුවෙන් කහ කුඩු නීති විරෝධී ලෙස ජාවාරම් කිරීමට පටන් ගෙන තිබේ.

මෙවැනි ජාවාරම්කරුවන් සොයා රට පුර මේ වන විට මෙහෙයුම් සිදු කරයි.

Related posts

ගාසා හි ළමා අරමුදලට නව කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියෙන් මිලියන 10කට අධික පරිත්‍යාගයක්

Editor O

ජනපති ධුරයට නාමයෝජනා බාර ගැනීම අද

Mohamed Dilsad

රාජ්‍ය අමාත්‍යවරු සිව් දෙනෙකුට විශේෂ ගැසට් නිවේදන

Mohamed Dilsad

Leave a Comment