දේශීය

ජනපති ධුරයට නාමයෝජනා බාර ගැනීම අද

(UTV | කොළඹ) – අටවැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ දී අද(19) උදේ 10ට නාමයෝජනා භාර ගැනේ.

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ විශේෂ විධි විධාන පනතට අනුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් එම නාමයෝජනා කැඳවීම සිදුකිරීමට නියමිතය.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම නාම යෝජනා භාරදීමට තීරණය කර ඇත.

දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් තම පක්ෂයේ අපේක්ෂකයා යෝජනා කිරීමට නියමිත අතර තවත් මන්ත්‍රීවරයෙකු එය ස්ථිර කළ යුතු බවත් අදාළ අපේක්ෂකයා යෝජනාව ඉදිරිපත් කරන අවස්ථාව වනවිට සභා ගර්භය තුළ රැඳී සිටීම අනිවාර්ය වේ.

නාම යෝජනා කැඳවන අද දිනයේ දී හා ඡන්ද විමසීම සිදු කරන හෙට දිනයේදීත් පාර්ලිමේන්තුව සහ අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇත.

Related posts

රාජ්‍ය ඖෂධ සංස්ථාවට ඩොලර් මිලියන 25 ක ණයක්

Mohamed Dilsad

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට

Editor O

බදු ගෙවන්නන්ට සහනයක්

Mohamed Dilsad

Leave a Comment