විදෙස්

බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 40 ඉක්මවයි

(UTV | බ්‍රසීලය) – බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 40 ඉක්මවා ගොස් ඇති බව විදෙස් වාර්තා තහවුරු කරයි.

ඊයේ දිනයේදී එරටින් තවත් ආසාදිතයන් 43, 733 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව මේ දක්වා බ්‍රසීලයෙන් සටහන්වී ඇති සමස්ථ ආසාදිත ගණන 40 ලක්ෂ 46, 150 ක්.

ගතවූ පැය 24 තුළ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වී තිබුණේ අමෙරිකාවෙන් වන අතර වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වන 84,156 සටහන්වූයේ ඉන්දියාවෙනුයි.

ගතවූ දින කිහිපයේදීම ඉන්දියාවෙන් 85, 000 කට ආසන්න කොවිඩ් ආසාදිතයන් සටහන්වුණා.

චීනයෙන් සටහන්වූ මුලු රෝගීන් සංඛ්‍යාවට ආසන්න රෝගීන් මේ වනවිට ඉන්දියාවෙන් දෛනිකව වාර්තාවීම විශේෂත්වයක්.

Related posts

ඇමෙරිකා ආණ්ඩුවේ බදු පැනවීමේ බලපෑම, ශ්‍රී ලංකා ආර්ථිකයටත්…?

Editor O

සුනාමි බලපෑමෙන් ඉන්දුනීසියාවේ 50ක් මරුට(වීඩියෝ)

Mohamed Dilsad

සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් කෝටිය ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment