දේශීය

ලංකාව තුළ පවතින විෂය මාලාවේ ප්‍රතිසංස්කරණයක්

(UTV | කොළඹ) – ලංකාව තුළ පවතින අධ්‍යාපනය වෙනස් කිරීම උදෙසා විෂය මාලා වෙනස් කරන බව අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී. එල්. පිරිස් ප්‍රකාශ කරයි.

ජාතික අධ්‍යාපන ආයතනයේ නිළධාරීන් සමග පැවැත්වූ ප්‍රථම හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

ස්වාධීනව තිබූ අමාත්‍යාංශ 5 ක් ඒකාබද්ධ කරමින් ජනාධිපතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යංශය ගොඩනගා ඇත්තේ මානව සම්පත් සංවර්ධනය කේන්ද්‍ර කරගෙන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේය.

විෂය මාලා වෙනස් කිරීමේ සම්මන්ත්‍රණ ආරම්භ කරන බවද ඔහු සඳහන් කරයි.

විශය මාලා ප්‍රතිසංස්කරණයක් කඩිනමින් සිදුකරන බවත් ඊට අමතරව අධ්‍යාපන කෂේත්‍රයේ පවතින ගැටලු 2 ක්ද හදුනාගෙන ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

කොරෝනා වෛරසය ජංගම දුරකථන වලිනුත්

Mohamed Dilsad

වැඩ වර්ජන කරමින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න පිරිසක් උත්සාහ කරනවා – රාජ්‍ය අමාත්‍ය කනක හේරත්

Editor O

ජනාධිපතිවරණ වියදම් ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment