දේශීය

රනිල් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමට [UPDATE]

(UTV | කොළඹ) -ප්‍රකාශයක් ලබාදීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමට පැමිණ ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා  අද (04) දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

ඒ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පවරා ඇති පැමිණිල්ලක වගඋත්තරකරුවෙකු ලෙසය.

වෛද්‍ය ජයතිලක අදාළ පැමිණිල්ලෙන් සඳහන් කර ඇත්තේ යහපාලන ආණ්ඩුකාලය තුළ ක්‍රියාත්මක වු ජාතික විධායක සභාවේ තීරණයක් හේතුවෙන් තමන් දේශපාලන පළිගැනීම්වලට ලක්වු බවයි.

ඒ අනුව හිටපු අග්‍රාමාත්‍යවරයාට කොමිසම හමුවේ පෙනීසිටින ලෙස පසුගියදා නොතිසි නිකුත් කර තිබුණි.

ඊට අදාලව යහපාලන ආණ්ඩුවේ ආමත්‍යවරුන් 15 දෙනෙකු ද මීට පෙර කොමිසම හමුවේ සාක්ෂී ලබා දී තිබේ.

Related posts

ආපදාවෙන් අවතැන්වූවන් 85,000ක් සුරක්ෂිත මධ්‍යස්ථානවල

Editor O

කොරෝනා මළ සිරුරු භූමදානයට අදාළ මාර්ගෝපදේශ නිකුත් කරයි

Mohamed Dilsad

හදිසි නීතිය ගැන හදිසියේම රජයෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment