ගොසිප්

ගලෙන්බිඳුණුවැව වගාළිඳක කිඹුලන් දොළහක්

(UTV |අනුරාධපුරය) – ගලෙන්බිඳුණුවැව, වන්නම්කුලම ගම්මානයේ අනවසර වගා ළිඳකට කොටුව සිටි කිඹුලන් දෙළොස් දෙනෙකු එම ළිඳ තුළම සංරක්‍ෂණය කිරීමට තීරණය කරයි.

පසුගියදා ප්‍රදේශවාසීන් ලබා දුන් තොරතුරක් මත මෙම වගා ළිඳේ කිඹුලන් ඇති බව රිටිගල අඩවි වනජීවී කාර්යාල නිලධාරීන් සොයා බලා තිබේ.

පසුව එම වගා ළිඳෙන් ගොඩගෙන කිඹුලන් රක්ෂිත වැවකට මුදාහැරීම සඳහා රිටිගල අඩවි වනජීවී කාර්යාලය විසින් මෙහෙයුමක් සිදු කළත් එය අසාර්ථක විය.

වර්ෂා කාලයේ දී පිටාර ගලන මෙම වගා ළිඳට එම කාලයේදී මෙම කිඹුලන් පැමිණ ඇති බවත් මේ වන විට ජල මට්ටම අඩු වීම නිසා කිඹුලන් වගා ළිඳේ කොටුව සිටින බවත් වන ජීවී නිලධාරීන් පවසයි.

ජනතාවගේ ආරක්‍ෂාව උදෙසා මෙම කිඹුලන් දොළොස් දෙනා තවදුරටත් මෙම වගා ළිඳේම තැබීමට තීරණය කර ඇත.

මෙහි සිටින ලොකු කිඹුලා අඩි එකොළහක් පමණ දිග වන අතර කිඹුල් පැටවුන් එකොළහක් සිටි. මේ සත්තුන්ට මෙහි ආරක්ෂාව පවතින බවත් වනජීවී නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ එම ළිඳේම එම සත්තු සංරක්ෂණය කරන බවත් වන ජීවී නිලධාරීහු පවසති.

Related posts

‘මම ජනතාවගේ මිතුරෙක්’ – රනිල් කියයි

Mohamed Dilsad

සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගන්නැයි නිවේදනයක්

Mohamed Dilsad

දකුණේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම වැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment