දේශීය

නයිජීරියානු ජාතිකයන් තිදෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි නයිජීරියානු ජාතිකයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ ඔවුන් ගල්කිස්ස ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටීමට ඔවුන්ට ආධාර අනුබල ලබාදුන් තවත් පුද්ගලයින් දෙදෙනෙකුද එහිදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

කොවිඩ් වසංගතයෙන් පසු පළමු සංචාරක කණ්ඩායම දිවයිනට

Mohamed Dilsad

රවි ඇතුළු පිරිස රිමාන්ඩ් බන්ධනාගාරයට

Mohamed Dilsad

මෙරට ජනපති සහ චීන ජනපති අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment