දේශීය

කොවිඩ් අරමුදල රුපියල් මිලියන 1621 දක්වා ඉහළට

(UTV |කොළඹ) – ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1621 ඉක්මවා තිබේ.

දීපව්‍යාප්ත විවාහ උප්පැන්න මරණ රෙජිස්ට්‍රාර් සංගමය 300,000ක් අරමුදලට පරිත්‍යාග ඇත. අදාළ චෙක්පත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙනු ලැබිණ.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව රුපියල් 31,906,301.92ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ. අදාළ චෙක්පත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙන ලදී. ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ද මේ අවස්ථාවට එක්විය.

WKV Hydro Technics (Pvt) Ltd රුපියල් 411,733.39 ක්, ජල සම්පාදන අමාත්‍යාංශය රුපියල් 992,599.59ක්, වන්දි ගෙවීමේ කාර්යාලය රුපියල් 22,163.50ක්, දියත උයන මල් සහ විසිතුරු පැළ වවන්නන්ගේ සංගමය රුපියල් 100,000ක්, වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය රුපියල් 100,000ක්, මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රුපියල් 191,676.77ක්, ශ්‍රී ලංකා ජාතික රෝහල රුපියල් 2,800ක් සහ වලපනේ ප්‍රාදේශීය සභාව රුපියල් 66,607.39ක් සහ අරමුදලට පරිත්‍යාග කර තිබේ.

දැන් ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,621,304,424.07 කි.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායකවිය හැකිය. දුරකථන අංක 076 – 0700700 / 011 – 2320880 / 011 – 2354340 / 011 – 2424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

Related posts

තවත් ආසාදිතයන් 7 දෙනෙක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ගැන අමෙරිකාව සහ චීනය අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්

Editor O

Leave a Comment