Trending News

ප්‍රධාන දේශපාලන පක්ෂ මැයි දිනය සැමරූ හැටි(වීඩියෝ)

(උදයම්,කොළඹ)  –  එක මිටට, හරි අතට යන තේමාව මුල් කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මහනුවර – ගැටඹේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජන රැළිය අමතමින් සදහන් කළේ කම්කරු ජනතාව වෙනුවෙන් අයිතීන් දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන වශයෙන් කටයුතු කර ඇති බවය.

[ot-video][/ot-video]

දිනන ජනතාවගේ මැයි රැළිය යන තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ මැයි රැළිය කොළඹ – කැම්බල් පිටියේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි.

[ot-video] [/ot-video]

ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළිය එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ බී.ආර්.සී පිටියේදී පැවැත්වුණි.එහිදී අදහස් දැක්වූ පක්ෂ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා.

[ot-video][/ot-video]

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය ගාලුමුවදොර පිටියේදී පැවැත්වුණි. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි. වැඩබිම, මව්බිම, ගොවිබිම, සුරකින අරගලය යන මැයෙන් මෙවර ඒකාබද්ධ විපක්ෂය මැයි රැළිය සංවිධාන කර තිබුණි.

[ot-video] [/ot-video]

 

 

Related posts

VIPs arriving at Presidential Secretariat to swearing-in of new Cabinet

Mohamed Dilsad

வவுனியா வைத்தியசாலையில் பாலியல் துஷ்பிரயோகம்

Mohamed Dilsad

ஆடை வர்த்தக நிலையம் ஒன்றில் தீ பரவல்…

Mohamed Dilsad

Leave a Comment