දේශීය

රවී ඇතුලු පිරිසගේ පෙත්සම්වලට විරෝධතා ගොනු කිරීමට කාලය ලබාදෙයි

(UTV| කොළඹ) – හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු හත් දෙනෙකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ගොනුකර තිබෙන පෙත්සම්, අද යළි අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

2016 වසරේ මහ බැංකුව බැදුම්කර වෙන්දේසියක් තුළින් රුපියල් බිලියන පනස් දෙකකට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වෙයි.

මෙහිදී මෙම පෙත්සම්වලට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා සැප්තැම්බර් මස 4 වනදා තෙක් කාලය ලබාදීමට  අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල පියවර ගත්තේය.

මෙම පෙත්සම්වලට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා එලෙස කාලය ලබාදුන්නේ එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා, නීතිපතිවරයා ඇතුලු පාර්ශවවලටයි.

Related posts

ලසන්ත අලගියවන්න යළිත් කෝපා සභාපති ධූරයට

Mohamed Dilsad

මෙරට කොරෝනා අසාධිතයින් ගණන 109 දක්වා ඉහළට

Mohamed Dilsad

යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට ඇගයීමක්

Mohamed Dilsad

Leave a Comment