දේශීය

වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ මෙහෙයුමකින් ජංගම දුරකථන සොයා ගනී

(UTV |කොළඹ) – දරුණු ගණයේ අපරාධ චෝදනා ලැබූ සිරකරුවන් රඳවා සිටින වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේදී ජංගම දුරකථන 19ක් සොයා ගැනේ.

ඒ ඊයේ (24) බන්ධනාගාර නිලධාරීන් සිදුකළ පරීක්‍ෂාවකදීය.

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ අංක – 01 සිර මැදිරිය අසල භූමියේ වළවල් දෙකක් තුළ සඟවා තිබූ මෙම ජංගම දුරකථන සොයා ගැනුණි.

මෙම දුරකථන තොගය සඟවා ඇති ස්ථානය පිළිබඳව බන්ධනාගාර නිලධාරීන්ට පෙරේදා තොරතුරු ලැබී ඇති අතර සිදුකළ විශේෂ මෙහෙයුමකදී එම දුරකථන සොයා ගැනීමට හැකි විය.

මේ වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය ද යොදවා ඇති බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

Related posts

විශ්වවිද්‍යාල තුළට බුද්ධි අංශ යෙදවීමේ යෝජනාවක්

Editor O

තත්ත්වයෙන් බාල කහ නිෂ්පාදනය කළ ස්ථානයක් කොටුකර ගනී

Mohamed Dilsad

ගෑස් පෝලිම්වල ඉන්න එපා : ලිට්‍රෝ

Mohamed Dilsad

Leave a Comment