දේශීය

වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ මෙහෙයුමකින් ජංගම දුරකථන සොයා ගනී

(UTV |කොළඹ) – දරුණු ගණයේ අපරාධ චෝදනා ලැබූ සිරකරුවන් රඳවා සිටින වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේදී ජංගම දුරකථන 19ක් සොයා ගැනේ.

ඒ ඊයේ (24) බන්ධනාගාර නිලධාරීන් සිදුකළ පරීක්‍ෂාවකදීය.

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ අංක – 01 සිර මැදිරිය අසල භූමියේ වළවල් දෙකක් තුළ සඟවා තිබූ මෙම ජංගම දුරකථන සොයා ගැනුණි.

මෙම දුරකථන තොගය සඟවා ඇති ස්ථානය පිළිබඳව බන්ධනාගාර නිලධාරීන්ට පෙරේදා තොරතුරු ලැබී ඇති අතර සිදුකළ විශේෂ මෙහෙයුමකදී එම දුරකථන සොයා ගැනීමට හැකි විය.

මේ වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය ද යොදවා ඇති බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

Related posts

විදෙස් ගතව සිටි තවත් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

රාජාංගනයේ තැපැල් ඡන්දය කල්යයි

Mohamed Dilsad

ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි.

Editor O

Leave a Comment