දේශීය

රැකියාලාභී උපාධිධාරීන්ගේ පත්වීම් ලිපි ප්‍රදානයට දින නියම කෙරේ

(UTV | කොළඹ ) – එළඹෙන 02දා උපාධිධාරීන් පනස් දහසට පත්වීම් ලිපි ප්‍රදානය ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී සිදු කිරීමට තම අමාත්‍යාංශය සියලු විධි විධාන සළසා අවසන් බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

පසුගිය පෙබරවාරි මාසයේ මෙම වැඩසටහන සඳහා උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවූ අතර 2019 දෙසැම්බර් 31 දින වන විට උපාධිය සම්පූර්ණ කරන ලද අයදුම්කරුවන් මේ සඳහා තෝරා ගෙන ඇත.

තෝරාගත් සියලු උපාධිධාරීන්ගේ තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් සකස් කර අවසන් අතර ඉතිරි දස දහසක් වන උපාධිධාරීන්ගේ අභ්‍යාසලාභී පත්වීම් ලිපිද කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසා තිබේ.

Related posts

ඉන්ධන මිල දී ගැනීම ගැන බලශක්ති ඇමතිගෙන් ඉල්ලීම

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය පහතට

Editor O

කොවිඩ් වැළදී ගැබිනියන් 40ක් මරුට

Mohamed Dilsad

Leave a Comment