විදෙස්

සෝනියා ගාන්ධි කොංග්‍රස් පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට සැරසෙයි

(UTV | ඉන්දියාව) – ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායකත්වයට තමන් වෙනුවට වෙනත් කෙනෙකු පත් කරන ලෙස එම පක්ෂයේ සභාපතිනි සෝනියා ගාන්ධි ප්‍රකාශ කර ඇත.

පක්ෂය තුළ වහා ප්‍රතිසංස්කරණ සිදුකරන්නැයි ඉල්ලා කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් 20 දෙනෙකු ලිපියක් භාරදීමෙන් අනතුරුව ඇය මෙම ගෙන තිබේ.

ඉන්දීය කොංග්‍රසය වෙනුවෙන් පූර්ණ කාලීන සහ දැක්මක් සහිත නායකත්වයක් අවශ්‍ය බවට අදාළ ලිපියෙන් කරුණු දක්වා ඇත.

සෝනියා ගාන්ධි මේ වනවිට 73 වන වියේ පසුවෙයි.

පසුගිය වසරේ පැවති මහ මැතිවරණයෙන් දැවැන්ත පරාජයක් අත්වීමෙන් අනතුරුව ඉන්දීය කොංග්‍රස් පක්ෂය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

පුටින්ගේ තවත් සැලසුමක්

Mohamed Dilsad

කොරෝනා නිසා ලොවපුරා ළමුන් බිලියන 1.5කගේ අධ්‍යාපනය අවධානමේ

Mohamed Dilsad

ප්‍රංශය සහ මැලේසියාව තාවකාලිකව වසා දැමෙයි

Mohamed Dilsad

Leave a Comment