දේශීය

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කෙරේ.

(UTV |කොළඹ) – පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 114 හි විධිවිධාන ප්‍රකාරව, නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව පත් කර තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් සහ දේශපාලන පක්ෂ නායකයන් සහ ඔවුන්ගේ නියෝජිතයන් ද ඇතුළත්ව පාර්ලිමේන්තුව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් 12 දෙනෙකුගෙන් තේරීම් කාරක සභාව සමන්විතය.

ගරු නිමල් සිරිපාල ද සිල්වා , ගරු දිනේෂ් ගුණවර්ධන, ගරු පෝන්ස්ටන් ප්‍රනාන්දු, ගරු ඩග්ලස් දේවානන්ද, ගරු ඩලස් අලහප්පෙරුම, ගරු විමල් වීරවංශ, ගරු ප්‍රසන්න රණතුංග, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල, ගරු ගයන්ත කරුණාතිලක , ගරු රවුෆ් හකීම්, ගරු විජිත හේරත් සහ ගරු සෙල්වම් අඩෛක්කලනාදන් යන මහත්වරු කථානායකවරයාට අමතරව තේරීම් කාරක සභාවට ඇතුළත් වෙති.

තේරීම් කාරක සභාවේ පළමු රැස්වීම අද (21) පස්වරු 2.00 ට ගරු කථානායකතුමාගේ නිල කාමරයේදි රැස්වේ.

Related posts

මහින්දානන්ද අලුත්ගමගේ අපේක්ෂිත ඇප ඉල්ලයි

Editor O

පාර්ලිමේන්තුව අගෝස්තු 08 වනදා සිට රැස්වෙයි

Mohamed Dilsad

පානදුරේදී හදිසියේ වෑන් රථයක් ගිනි ගනී

Mohamed Dilsad

Leave a Comment