විදෙස්

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට ෆින්ලන්තය දේශ සීමා නීතී දැඩි කරයි

(UTV | ෆින්ලන්තය) – ෆින්ලන්තයේ දේශ සීමා නීතී දැඩි කිරීමට එරට රජය තීරණය කර ඇත.   

වෙනත් රටවලින් පැමිණෙන පුද්ගලයින් ඔස්සේ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වළක්වා ගැනීමයි එහි අරමුණ බව විදෙස් මාධ්‍ය පවසයි.

හේ හේතුවෙන් ඉතාම සීමිත රටවල් කිහිපයකින් හැර වෙනත් රටවලින් පැමිණෙන පුද්ගලයින් සීමා කරන බව ෆින්ලන්ත බලධාරීන් අවධාරණය කරයි.

ෆින්ලන්තයෙන් මේ වන විට 8000 කට ආසන්න කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත.

මීට අමතරව , ගත වු පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් 19 මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

එම කාලය තුළ ඉන්දියාවේ මරණ 1092 ක් ද සිදුවී ඇත.

Related posts

38 දෙනෙකු ගමන්ගත් චිලී ගුවන් යානයක් අතුරුදන් වෙයි

Mohamed Dilsad

ජපානයේ ටැපා සුළි කුණාටුව හේතුවෙන් 50 දෙනෙකුට තුවාල

Mohamed Dilsad

සුඩානයේ සෙරමික් කම්හලක පිපිරීමකින් පුද්ගලයින් 23 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment