කලා

ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උළෙල අද අගමැතිගේ ප්‍රධානත්වයෙන්

(UTV | කොළඹ) –  ලෝක ඡායාරූප දිනයට සමගාමීව 2020 ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උළෙල අද (19) පස්වරු 3.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙවර රාජ්‍ය ඡායාරූප උළෙල උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර තිබේ.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සමග එක්ව මෙය සංවිධානය කරනු ලබයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජාතික උරුම ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේදී ශ්‍රී ලාංකේය ඡායාරූප ක්‍ෂේත්‍රයේ ප්‍රගමනයට ස්වකීය විශිෂ්ට නිර්මාණ දායකත්වය ලබාදුන් ඡායාරූප ශිල්පීන්ට සම්මාන පිරිනැමීමද සිදුකෙරේ.

Related posts

ගායක ‘ප්‍රින්ස්’ වෙනුවෙන් ඔබේ යුතුකමත් ඉටු කරන්න

Mohamed Dilsad

කැරොලයින්ට ලෝක රූ රැජිණ කිරුළ අහිමි වීමේ අවධානමක්

Mohamed Dilsad

හොලිවුඩ් සිනමා නිළි ජෙනිෆර් හෝලන්ඩ් විවාහ වෙයි

Mohamed Dilsad

Leave a Comment