කලා

ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උළෙල අද අගමැතිගේ ප්‍රධානත්වයෙන්

(UTV | කොළඹ) –  ලෝක ඡායාරූප දිනයට සමගාමීව 2020 ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උළෙල අද (19) පස්වරු 3.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙවර රාජ්‍ය ඡායාරූප උළෙල උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර තිබේ.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සමග එක්ව මෙය සංවිධානය කරනු ලබයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජාතික උරුම ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේදී ශ්‍රී ලාංකේය ඡායාරූප ක්‍ෂේත්‍රයේ ප්‍රගමනයට ස්වකීය විශිෂ්ට නිර්මාණ දායකත්වය ලබාදුන් ඡායාරූප ශිල්පීන්ට සම්මාන පිරිනැමීමද සිදුකෙරේ.

Related posts

‘හල්ක්’ චිත්‍රපටයට වීර කාන්තා චරිතයක්

Mohamed Dilsad

ජනප්‍රිය නිළියක් ගඟට වැටී මරුට..

Mohamed Dilsad

මෙරට ප්‍රථම නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය විවෘත වෙයි [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment