දේශීය

උපාධිධාරී රැකියා ලබාදීම පිළිබඳව ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්

(UTV | කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සුදුසුකම් සපුරා ඇති උපාධිධාරීන් හදාරා ඇති විෂය මාලාව අනුව අදාළ ක්ෂේත්‍රයේ රැකියා සඳහා යෙදවීමට පියවර ගන්නා ලෙස උපදෙස් දී තිබේ.

ඒ, සැප්තැම්බර් 2 වැනිදා සිට ක්‍රියාත්මක එක්ලක්ෂ පනස් දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන විමසුමට ලක්කරමින් ය.

සුදුස්සන් තෝරා ගැනීමේදී සෑම ග්‍රාම සේවා වසමකම දරිද්‍රතාවයෙන් ඉහළම පිරිසක් තෝරා ගැනීමට පියවර ගතයුතු යැයි ද ජනාධිපතිතුමා දැනුම් දී තිබේ.

රාජ්‍ය සේවයේ ඇති දුර්වලතා සහ අඩුපාඩු මග හැරෙන ලෙස රැකියාගත පුහුණුවක් ලබා දිය යුතු බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

දිස්ත්‍රික්ක රැසක පාසල්වල පවතින ගුරු හිඟය පියවීමට නව පත්වීම්ලාභීන් අනියුක්ත කිරීමටද මෙහිදී තීරණය වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

Related posts

හය ශ්‍රේණිය ඉංග්‍රීසි පොතේ නොහොබිනා කරුණු ඇතුළත් පොතට අදාළව ගරුවරුන්ට පුහුණු වැඩසටහනුත් පවත්වලා

Editor O

තරුණියක් බේරා ගැනීමට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවූ තරුණයා අද අවසන් ගමනේ

Mohamed Dilsad

RMV ගනුදෙනු සඳහා කාඩ්පත් පහසුකම්

Mohamed Dilsad

Leave a Comment