දේශීයප්‍රමුඛ පුවත 1

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ අහඹු නියැඳි පී.සී.ආර්. පරීක්ෂාවට

( UTV | කොළඹ ) – අනුරාධපුර, තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ අහඹු නියැඳියකින් තෝරාගත් පුද්ගලයින් 100 දෙනෙකු පී.සි.ආර්.පරීක්ෂණසඳහා යොමුකර තිබේ.

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ සියලුම පළාත්වලින් වෙළෙඳුන් පැමිණීම හේතුවෙන් මෙම පරීක්ෂණය සිදුකිරීමටපියවර ගත් බව අනුරාධපුර ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය තේජන සෝමතිලක සඳහන් කළේය.

අද (16) පස්වරුවේ එම පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමට නියමිත බව විශේෂඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පැවසීය.

ඉදිරි සතිය තුළ අනුරාධපුර ප්‍රදේශයේ පොදු ස්ථාන කිහිපයක පුද්ගලයින් 100 බැගින් මෙලෙස පී.සි.ආර්.පරීක්ෂණ සඳහා යොමුකිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

කොස්තාපල්වරයකුට පහරදුන් මන්ත්‍රි ශාන්තගේ පුත් ඇප මත මුදාහැරේ

Mohamed Dilsad

පාකිස්තාන බිත්තර ගැන මෙරට නිලධාරිනිය කී දෙයට එරටින් විරෝධය

Mohamed Dilsad

අද දිනය තුළ ආසාදිතයින් ගණන 865ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment