දේශීය

කොළඹ සෝදිසියකින් 61 දෙනෙකු අත්අඩංගුවට

(UTV |කොළඹ) – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයින් 61 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (15) පොලිස් නිලධාරීන් 518ක් යොදා ගනිමින් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මුවදොර උයන නිවාස සංකීර්ණයේ හදිසි සෝදිසි කිරීමක්  සිදු කර ඇත.

මෙහිදී නිවාස 870 ක් පරීක්ෂා කර ඇති අතර සැකකරුවන් 61 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 39 ක්, ගංජා ග්‍රෑම් 85ක් සහ මත්පෙති 07ක්ද සොයා ගැනුණි.

Related posts

බෝ නොවන රෝග ඇති පුද්ගලයින්ට සෞඛ්‍ය අංශයෙන් දැනුවත් කිරීමක්

Mohamed Dilsad

සෞඛ්‍ය රෙගුලාසි තවදුරටත් ලිහිල් කරයි

Mohamed Dilsad

ආදායම් නොමැති විහාරස්ථානවලට වියළි ආහාර ලබාදෙයි

Mohamed Dilsad

Leave a Comment