ක්‍රීඩා

ශ‍්‍රී ලංකා තරඟ සංචාරය සඳහා බංග්ලාදේශයෙන් සුභ ප්‍රතිචාර

(UTV | කොළඹ) – බංග්ලාදේශ කණ්ඩායමේ ශ‍්‍රී ලංකා තරඟ සංචාරය සඳහා මේ වන විට සුබවාදී ප‍්‍රතිචාරයක් එරට ක‍්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලැබී ඇති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සඳහන් කරයි.

දෙරට අතර ටෙස්ට් තරඟ ත්‍රිත්වයක් පැවැත්වීමට නියමිතයි.

ඊට සහභාගිවීමට බංග්ලාදේශ ක‍්‍රිකට් පාලක මණ්ඩලය වැඩි කැමැත්තකින් මේ වනවිට පසුවන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේය.

කෙසේ වෙතත් බංග්ලාදේශ ක්‍රීඩකයින් ශ‍්‍රී ලංකාවට පැමිණීමට පෙර සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබාදෙන ලෙස එරට ක‍්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලීමක් කර ඇති බවද ඔහු සදහන් කළේය.

ඒ අනුව ශ‍්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් ක‍්‍රිකට් තරඟාවලිය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව සිදු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට ලබන සතියේ සෞඛ්‍ය බලධාරීන් සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරින් සමග සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතව ඇත.

ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලිය සහභාගි වන බංග්ලාදේශ කණ්ඩායම සැප්තැම්බර් මස අවසානයේදී දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

 

Related posts

ශ්‍රී ලංකා – කොදෙව් පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්

Mohamed Dilsad

ඉන්දියාවට පහසු ජයක්

Mohamed Dilsad

භානුක රාජපක්ෂ ක්‍රිකට් පිටියට සමුදෙයි

Mohamed Dilsad

Leave a Comment