දේශීය

කප්පම් කල්ලියක් අත්අඩංගුවට

(UTV | කොළඹ ) – නවගමුව පොලීසිය විසින් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් යැයි පැවසෙන පුද්ගලයින් සිව්දෙනෙක් වදුරාමුල්ල, කැලෑබද ප්‍රදේශයක පාළු නිවසක සැඟවී සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ.

නවගමුව පොලිස් වසමේ පසුගිය කාලයේ දී ප්‍රදේශ කිහිපයක පුද්ගලයින් තියුණු ආයුධවලින් කපා බියවද්දා කප්පම් මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සතුව තිබී කඩු හතක්, මෙරට නිෂ්පාදිත අත්බෝම්බ දෙකක් සහ මත්කුඩු ග්‍රෑම් 2ක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සියලුදෙනා රනාල රෝහල පාරේ පදිංචිකරුවන් වන අතර එම සැකකරුවන් කලකට පෙර ඝාතනයට ලක්වු පාතාලකල්ලි සාමාජිකයෙක් වනසමයන්ගේගෝලයින් බවට පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

සැකකරුවන් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නවගමුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

සූදු ක්‍රීඩා නියාමන පනත ගැසට් කරයි

Editor O

ජේතවනාරාම දාගැබ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි

Mohamed Dilsad

විදුහල්පතිනිය එපා කියා පාසලක විරෝධයක්

Mohamed Dilsad

Leave a Comment